මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රට අකර්මණ්‍ය කිරීමට කි‍්‍රයා කරනවා

    ජූලි 16, 2014

    ගම හදා රට හදන  සංකල්පය හඳුන්වා දෙමින් සංවර්ධනයේ අරුණළු ගමට රැගෙන ආවේ  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. මේ සංවර්ධනය ඉවසා දරාගත නොහැකි විමුක්තිකාමීන් යැයි කියාගන්නා පිරිසක් හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එකතුවී ජනතාවගේ මනස අවුල් කරමින් රට අකර්මණ්‍ය කිරීමට ක‍්‍රියාකරමින් සිටින බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

     

    ‘‘රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම’’ තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මඟපෙන්වීම මත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ආසන මට්ටමින් කි‍්‍රයාත්මක කරනු ලබන සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් වැඩසටහනක් පසුගියදා වලපනේ හරස්බැද්ද යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    නිවැරදි නායකත්වයක් ඔස්සසේ රට ඉදිරියට ගමන් කරමින් සිටියි. මේ වනවිට ගමේ පාරවල් කොන්කී‍්‍රට් වෙමින්, විදුලිය, ජලය ලබා දෙමින් ගමේ පාසල, රෝහල, සංවර්ධනය වෙමින් පවතී. රජය මේ සංවර්ධනය කරන්නේ ඡන්දය බලාගෙන නො වේ. හැකියාවට අනුව රැකියාවක් ලබාදුන්නේ   ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. දරිද්‍රතාවයෙන් මිරිකී සිටී ග‍්‍රාමීය ජනතාවට දෙපයින් නැගීසිටීමට ශක්තිය දුන්නේ එතුමායි. සීග්‍රයෙන් සංවර්ධනය වන රට ආපස්සට හැරවීමට ගන්නා උත්සාහය අප වැළැක්විය යුතුයි. රටේ ඉරණම මුදලට පාවාදෙන්න එපා. ඡන්ද දායකයා මිලට ගත හැකි භාණ්ඩයක් ලෙසට පරිවර්තනය කරන්න එපා. පැන්සල් කතිරයේ වටිනාකම ආරක්‍ෂා කර ගැනීම ඔබගේ යුතුකම හා වගකීම යැයිද අමාත්‍යවරයා පැවසීය.

    මෙම රැස්වීමේ මුලසුන හෙබවු සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා අදහස් දක්වමින් පැවසුවේ, අද රට තුළ අනතුරක සේයාවක් දක්නට ලැබෙන බැවින් ඒ අනතුර අවබෝධ කොටගෙන ඊට මුහුණ දීමට සුදානම් විය යුතුව ඇති බවය. මේ වන විට කවරදාකවත් නොවු සංවර්ධනයක් රට තුළ ඇති වී ඇත. රටේ පොදු ජනතාවගේ අදහස් කි‍්‍රයාත්මක කරන එකම රජය වර්තමාන රජය යැයිද එතුමා පැවසීය.

    අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ, කූරිරු ත‍්‍රස්ත‍්‍රවාදය නිමා කොට රටට නිදහස ලබාදුන්නේ  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. සියලූ ජාතීන්ට එකට ජීවත් විය හැකි පරිසරයක් රට තුළ ගොඩනැගී ඇත. සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ජනතාවටද එහි ප‍්‍රතිලාභ භුක්තිවිඳීමට අවස්ථාව ලැබී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙම අවස්ථාවට එක්වු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අදහස් දක්වමින් පැවසුවේ, රට ගැන විශ්වාසයක් නැතිව රට හැර ගිය ශී‍්‍ර ලාංකිකයින් නැවත රටට පැමිණෙමින් සිටිනවා. රට සංවර්ධනය වීම ඔවුන්ගේ පැමිණීමට හේතුවයි. මේ තත්ත්වය උදා කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බවද නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජානක බණ්ඩාර, මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය සභාපති එස්.බී. රත්නායක, වලපනේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමරහේවා, තලවකැලේ නගර සභාවේ නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya