මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරියවංශාලංකාර නායක හිමියන්ගේ අවසන් ඉල්ලීමකට අනුව රණ විරුවෙකුට නිවසක්

    ජූලි 16, 2014
    පසුගියදා අපවත් වූ පූජ්‍ය ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අවසන් ඉල්ලීමකට අනුව උන්වහන්සේගේ ආදාහනෝත්සවය සඳහා සැදැහැවත් ජනතාවගෙන් එකතු වූ මුදලින් ශ්‍රී ලංකාවේ දශක තුනක පමණ කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කරන ලද මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිත පූජාවෙන් සටන් කළ රණ විරුවෙකුගේ පවුලකට නව නිවසක් ලබාදීමට කටයුතු කර ඇත.
     
    ඒ අනුව කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානය විසින් ලබා දෙනු ලැබූ රුපියල් මිලියන 1.2ක මුදලින් අවසන් මෙහෙයුමේදී සිය ජීවිතය රට වෙනුවෙන් පූජා කරන ලද 3 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් වයි.ජී. තිලකරත්න රණ විරුවාගේ පවුලේ සාමාජිකයින් සඳහා ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරුවන්ගේ හා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද නව නිවස එම රණ විරුවාගේ භාර්යාව වන ඊ.ජී. මංජුලා මල්කාන්ති මහත්මිය වෙත භාරදීම පසුගිය දින යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා වැඩම කරවන ලද මල්වත්ත පාර්ශවයේ පූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ සහ කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය මිල්ලෑවේ විජිත ස්වාමීන් වහන්සේ විසින් මෙම උත්සවයේ ආගමික වතාවත් සිදු කරන ලදහ.
     
    යුද හමුදාපතිවරයා විසින් එහි ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සුභ මොහොතින් නිවස විවෘත කර එහි යතුරු හා ත්‍යාග පාර්සලයක් ද සැරයන් තිලකරත්නගේ භාර්යාව හා දරුවන් වෙත භාරදුන් අතර එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීමට ද මෙහිදී අමතක නොකළේය.
     
    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සභාවේ සාමාජිකයින්, ගජබා රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ප්‍රදේශයේ සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ද සහභාගී වූහ.
     
    DB/mod
     
    20140716 04p1  
     
    20140716 04p3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya