අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට නව නිවෙස්

    ජූලි 16, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ වියදමින් ඉදිකරන ලද නව නිවාස දෙකක් රණ විරුවන් වෙත භාරදීම ඊයේ (15) සිදු විය. 
     
    ඒ අනුව ගාල්ල, කෙටම්දොළ, පන්ගල්වැල්ල, ගෝනමුල්ලේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් වී.ටී. ධනංජය රණ විරුවා වෙත නව නිවසක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී සිදු කෙරිණි. 
     
    ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ මගපෙන්වීම මත 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මෙම නව නිවස සෑදීම සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදී ඇත‍.
     
    සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය වන ඉන්දු රත්නායක මහත්මිය; ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අප මාතෘභූමිය නිදහස් කර ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් කළ රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා 2006 වර්ෂයේ සිටම විවිධ ව්‍යාපෘතීන් හා මෙවැනි ආධාර හා උපකාර කිරීම් රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා දීප ව්‍යාප්තව සිදු කරනු ලබන බව පැවසූ අතර මෙයද එසේ සිදු කරන ලද එක් සත්කාර්යයක් පමණක් බවද මෙහිදී අනාවරණය කර සිටියාය.
     
    මෙම අවස්ථාව සඳහා 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සේනාවිධායකතුමන්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වන ධනංජනී කරුණාසේකර මහත්මිය, රණවිරුවාගේ දෙමාපියන්, ඥාතීන් හා ගම්වාසීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.
     
    ඊයේ දෙවැනි නිවස පරිත්‍යාග කරන ලද්දේ දොමන්විල මීටියාගොඩ පදිංචිව සිටින නාවික හමුදාවේ ඩබ්ලිව්.ජී. එස් උදයංග ඩයස් නාවික සෙබළා වෙතය.
     
    වර්ෂ 2005 දී නාවික හමුදාවට බැඳුණ උදයංග ඩයස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ආහාර සහායක වරයකු ලෙස සේවය කරමින් සිටී. 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙම නව නිවස සෑදීම සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදී ඇත.
     
    මෙම අවස්ථාව සදහා, නායක ආහාර සහායක උදයංග ඩයස්ගේ පවුලේ සාමාජිකයින් හා අසල්වාසින් නෑදැ හිතමිතුරන් පිරිසක්ද සහභාගී වූහ.
     
    DB
     
    NEW HOME ARMY NAVY 1
     
     
    NEW HOME ARMY NAVY 3
     
    NEW HOME ARMY NAVY 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya