මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද වැසූ පාසල් රැසක් හෙට විවෘත කළ හැකි වේවි

    ජූලි 14, 2014
    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ වැලිමඩ සහ හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයන්හි පාසල් තාවකාලිකව වසා දැමුණු අතර හෙට (15) දිනයේ දී එම පාසල්වලින් වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (14) දිනයේ දී වසා දැමීමට කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කළ අතර කාලගුණ තත්ත්වය තරමක් දුරට යහපත් වෙමින් පවතින බැවින් හෙට දිනයේ දී බහුතරයක් පාසල් විවෘත කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya