මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දැයට කිරුළට සැලසුම් සකස් කෙරේ Featured

    ජූලි 14, 2014


    2015 වර්ෂයේ පෙබරවාරි මස පැවැත්වීමට සැලසුම් කර ඇති දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන හම්බන්තොට, මාතර, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක පදනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇති බව විදුලි සංදේශ හා තොරුතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රජයේ නිලපුවත් වෙඩ් අඩවියට පැවසීය.


    ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කෙරෙමින් පවතී.
     
    දැයට කිරුළෙන් දායාද කෙරෙන සංවර්ධන ප්‍රතිඵලවල හිමිකාරිත්වය සංවර්ධනයේ නියම උරුමකරුවන් වන ග්‍රාමීය ජනතාවට ලබාදීම සඳහා මේ යටතේ මෙම දිස්ත්‍රික්ක හතර ම ආවරණය වන පරිදි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ.



    දැයට කිරුළ ප්‍රදර්ශනය ලබන වසරේ පෙබරවාරි මස 04 සිට 09වනදා දක්වා මාතර කොටුවිල වත්ත, කඹරුගමුව හා සරසවිගම ප්‍රදේශ ආවරණය වන පරිදි අක්කර 143ක භූමිභාගයක් තුළ ක්‍රියාත්මක කෙරෙන බව විදුලි සංදේශ හා තොරුතුරු තාක්ෂණ අමාත්‍යවරයා පැවසීය.

    මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 17වන පිටුවේ මාතර නගරය අභිමානවත් නගරයක් බවට පත්කරනවා යැයි දුන් පොරොන්දුව අනුව මාතර දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීමට යෝජිත මාතර නව නගරය තුළ සිදු කෙරෙන සියලු ම සංවර්ධන වැඩකටයුතු සහ ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35,000ක් පමණ ආයෝජනය කිරීමට අපේක්ෂිත වේ.

    ඒ යටතේ රෝහල් සංකීර්ණයක් ඉදිකිරීම (මාතර දිසාවේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා මාතර මහ රෝහල කොටවිල නව රෝහල හා දිස්ත්‍රික්කයේ රෝහල්වල අඩුපාඩු ඉවත් කරන අතර වෛද්‍ය නිලනිවාස, අංගසම්පූර්ණ හෙද විදුහලක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත), බන්ධනාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, ජල සම්පාදනය, බස් නැවතුම්පොළ සංවර්ධනය, පරිපාලන  සංකීර්ණය (මාතර දිසාවේ පරිපාලන හා රාජ්‍ය ආයතන සියල්ල එකම බිමක එකම වහළක් යටට ගෙන ඒම මෙමගින් අපේක්ෂිතයි), මහා මාර්ග හා පළාත් මාර්ග ඉදිකිරීම, මහින්ද රාජපක්ෂ විද්‍යාලය සංවර්ධනය කිරීම, සම්මන්ත්‍රණ ශාලා, සංස්කෘතික කටයුතු, විදුලිය, පරිසරය, ආයුර්වේද, වාරිමාර්ග, සෞඛ්‍ය කටයුතු, ක්‍රීඩා, පළාත් සෞඛ්‍ය යන අංශ සියල්ල සංවර්ධනය කිරීමට අපේක්ෂිත බව විදුලි සංදේශ හා තොරුතුරු තාක්ෂණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya