මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව ගිවිසුමකට Featured

    ජූලි 14, 2014
    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරීත්ව ආයතනය ශ්‍රී ලංකාවේ සංචරණ හා සංචාරක අධ්‍යාපනය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීමේ පහසුකම් වැඩි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී.
     
     

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන අලෙවි නිලධාරී ටී.ජී. ජෙයසීලන් මහතා සහ සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකාරීත්ව ආයතනයේ සභාපති අනිල් පොන්වීර යන මහත්වරු මෙම ගිවිසුමට කොළඹ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලදී.


    මෙම ගිවිසුම යටතේ දැනුම බෙදා ගැනීමේ වැඩසටහන් ලෙස ගුවන් තරණය, සංචරණය හා සංචාරක ක්ෂේත්‍රය, ප්‍රතිසම්පාදනය, ප්‍රවාහනය, සහ සැපයුම් දාමය, පිළිබඳව දැනුම ලබාදෙන අතර ආයතන දෙකෙහිම උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට මෙන්ම සංචරණ හා සංචාරක ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයින්ට මෙයින් අවස්ථාව උදාවනු ඇත.
     

    සැපයුම්දාම වෘත්තිකයින් සඳහා මූලික ශක්‍යතා වර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සකස් වී ඇති මෙම වැඩසටහන් තුළින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා මෙන්ම සැපයුම් දාම වෘත්තීය තුළ වැඩිවන රැකියා ඉල්ලුම සඳහා වෘත්තීමය ශ්‍රමිකයින් සැපයීමටද හැකිවනු ඇත. එසේම රට තුළ අභ්‍යන්තර ප්‍රවාහන ක්‍රියාවලිය ඇතුළු රටින් පිට සිදු කෙරෙන ප්‍රවාහනය සඳහා ගබඩා පහසුකම්, භාණ්ඩ ලේඛන කළමනාකරණය යන ක්‍රියාකාරී අංශ සඳහා මෙම වැඩසටහන් යටතේ සාර්ථකව සැලසුම් වර්ධනය කර ගත හැක. මෙම පාඨමාලා නිර්මාණය කර ඇත්තේ ප්‍රවාහන හා සැලසුම් දාම සඳහා පැන නගින අවශ්‍යතාවන් සඳහා පහසුකම් සැපයීමටයි. මෙම පාඨමාලා තුළින් රටේ ප්‍රවාහන හා සැපයුම් දාම සඳහා වන ඉල්ලුම්වලට සැපයුම් ලබාදීමටත්, ජාතික ගුවන් සේවයේ ව්‍යාප්තිය හා නව ගුවන් සේවා ස්ථාපිත කිරීම සඳහා ද පහසුකම් සපයා දීමටත් අපේක්ෂා කෙරේ.

    ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රවාහන සංගමය මගින් කලාපීය පුහුණු ඇකඩමියක් ලෙස පිළිගැනීමට ලක් වූ දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවා පුහුණු ඇකඩමිය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු ඇකඩමියයි. ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රවාහන සංගමය මගින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු ඇකඩමිය දකුණු ආසියාවේ වරලත් පුහුණු මධ්‍යස්ථානයන් අතර, Premier Circle ප්‍රථම දසදෙනා අතරට එක්කර ඇත. ඒ සඳහා රටවල් 90ක ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන 440ක ඇගයුම්ද හිමිව තිබීම විශේෂත්වයකි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya