මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිතුමන්, රනිල් වික්‍රමසිංහ මහතාට දෙවැනි වූයේ එතුමා තරම් විපක්ෂ නායක ධූරයේ රැඳී නොසිටීමෙන් පමණයි Featured

    ජූලි 14, 2014

    රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ දේශපාලන දිවිය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අභිබවා ගිය එක ම අවස්ථාව රාජපක්ෂ මහතාට වඩා වැඩි කාලයක් විපක්ෂ නායක ධූරයේ රැඳී සිටීම පමණක් බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. 


    නියෝජ්‍ය කතානායකවරයා මේ අදහස් පළ කළේ පසුගියදා වලපනේ යොවුන් සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති "රට රකින - නිල් පවුර - සුරකිමු මවු බිම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මන්ත්‍රණය අමතමිනි. 
     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරක්කොඩි මහතා, අද විපක්ෂය කතා කරන්නේ බඩු මිලේ වැඩිවීම ගැන පමණයි. නමුත් මිනිසුන්ගේ එදා තිබුණ ජීවන මට්ටමට වඩා හොඳ මට්ටමකින් මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගී තිබීම ගැන කතා කරන්නෙ නැතැයි සඳහන් කළේය. 


    මීට වසර 10කට පෙර තිබුණ මෝටර් රථ, යතුරු පැදි, දූරකතන ප්‍රමාණය එදාට වඩා අද කොයි තරම් වැඩිවෙලාද? තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේදී නව උපකරණ, නව යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමේදී ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා වැය වන පිරිවැයේ වැඩි වීමක් සිදු වේ. එ.ජා.ප. ආණ්ඩුවක් තිබුණත් ඒ වියදම් නැති කළ නොහැකියි. නමුත් අද රජය ණය මුදල් ලබා ගෙන ඒ තුළින් තාවකාලික සහන මිනිසුන්ට ලබා නොදී රටේ අනාගතයට අවශ්‍ය මූලික පහසුකම් රට තුළ ගොඩනැංවීමේ කාර්යයේ යෙදී සිටිනවා යැයි ඔහු පෙන්වා දුන්නේය. 
     

    තවදුරටත් අදහස් දක්වමින් වීරක්කොඩි මහතා මෙසේ ද කීවේය. 2005දී 5%ක් ව තිබුණ තොරතුරු සාක්ෂරතාව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම මඟින් හා නැණසල මධ්‍යස්ථාන මඟින් අද 48% දක්වා වර්ධනය කර ගෙන තිබෙනවා. අද ඕනෑ ම පිටිසර ගමක අධ්‍යාපනය ලබන දරුවෙකුට වුවත් පරිගණකයක් හැසිරවීමේ හැකියාව තිබෙනවා. පාරවල් ටික කොන්ක්‍රීට් කර, කාපට් කිරීම නිසා වෙනදා දූවිලිවලින් නෑවිලා පාසල් ගිය ගමේ දරුවෝ අද ලස්සනට පිරිසිදුව පාසලට යනවා. ජ.වි.පෙ. නායකයන් පාරවල් කන්නද කියල අහනවා. පාරවල් කාලා හරි කමක් නැහැ ඔවුන්ටත් මේ සිදු වන සංවර්ධනයේ ප්‍රතිලාභ හා වෙනස දැනෙනවා නම් ඒකත් ලොකු දෙයක්.  2005 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ වසර 09ක පාලන කාලය 1977 සිට 2005 වෙනකම් සංසන්දනය කර බැලුවොත් ඕනෑ ම කෙනෙකුට 1977 ඉඳන් අවුරුදු 28ක කාලයක් තුළ සිදු කළ සංවර්ධනයට වඩා රටේ කොයි තරම් පිබිදීමක්, වෙනසක් මේ අවුරුදු 09ට සිදු වී තිබේද යන්න පේනවා. විපක්ෂයේ ඉතුරු වී සිටින සුළු පිරිසටත් කියන්නේ පාට කණ්ණාඩි ගලවා සැබෑ යථාර්ථය දකින්න එකතු වෙන්න එන්න යැයි ඔහු ප්‍රකාශ කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya