මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශනයට ඉන්දියාවේ කිසිම සහයක් නැහැ Featured

    ජූලි 14, 2014
    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් විමර්ශනයට කිසිදු සහයක් ලබා නොදෙන බව ඉන්දියාව අවධාරණය කරයි. 
     
    රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට බාහිරව ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නේ නම් එය ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් සිදුකළ යුතු වන අතර අන්තර් ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
     
    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ රටේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් නොවිය යුතු බව ඉන්දීය නව රජයේ ස්ථාවරය වී තිබෙන බව ද එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩින් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය නව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් සයිඩ් අක්බරුඩින් මහතා මේ බව සඳහන් කර තිබේ. 
     
    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ දඬුවම් ලබාදීමේ අරමුණින් සිදු නොකළ යුතු බවද හෙතෙම පෙන්වා දී තිබේ.
     
    ශ්‍රී ලංකාවට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගය බැවින් තරවටු කිරීම්වලින් ගැටලු නිරාකරණය කළ නොහැකි බව පෙන්වා දී තිබෙන ඒ මහතා ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටියේ එම ස්ථාවරයේ සිට බවද සඳහන් කර ඇත. 
     
    මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එරට විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවු අතර එහිදි ද මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රි ලංකාව එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවේ ඇතුළත් ඇතැම් වගන්ති සඳහා ඉන්දිය රජය විරුද්ධත්වය පළකිරීම පිළිබඳ ව එහිදී පිරිස් මහතා ඉන්දීය රජයට ස්තූතිය පළකර තිබේ. 
     
    ඉන්දු ලංකා ධීවර ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම මෙන්ම ඉන්දිය රජයේ ආධාර යටතේ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එහිදී සුෂ්මා ස්වරාජ් මහත්මියට ආරාධනයක් ද සිදුකර ඇත.
     
    DB/ mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya