මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නායකත්වයෙන් ශ්‍රී ලංකා‍ව සංවර්ධනය කරා යොමු වූ රටක් බවට පත්වෙලා Featured

    ජූලි 14, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය හා පැහැදිලි දැක්ම තුළින් අද ශ්‍රී ලංකා‍ව ආසියාවේ සීග්‍රයෙන් සංවර්ධනය කරා යොමු වූ රටක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    තවදුරටත් අදහස් දැක්වූ අගමැතිතුමා පැවසුවේ, ජනාධිපතිතුමාගේ දර්ශනයත් ජනතාවගේ අපේක්ෂාවත් අද එකක් බවට පත්වී ඇති බවයි.
     

    අග්‍රාමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ අද (14) කොළඹ ගලදාරි හෝටලයේ පැවති ආසියානු අධ්‍යාපනය පිළිබඳ දෙවෙනි ජාත්‍යන්තර සමුළුව අමතමිනි.

     
    රටවල් විසිපහක, විශ්වවිද්‍යාල තිස්හතක නියෝජිතයෝ පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ. මෙහිදී විශ්වවිද්‍යාලවල දේශපාලන විද්වතුන්ගේ සහය දේශපාලනයට සම්බන්ධ කරගන්නේ කෙසේද? සහ ඒ තුළින් තිරසාර සංවර්ධනයක් කරා යොමුවිය හැක්කේ කෙසේද? යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා පවසා සිටියේ, දර්ශනයක් හා කැපවීමක් නැති රාජ්‍ය නායකයෙකුට රටක් සංවර්ධනය කරා ගෙන යා නොහැකියි. ජනාධිපතිතුමාගේ කැපවීම හා දර්ශනය මත තිස් අවුරුද්දක් පුරා පැවති යුද්ධය නිමා කරමින් අද අපි වේගවත් සංවර්ධනයක් කරා යොමුවෙලා තියෙනවා.  එය ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙලා තියෙනවා.  ආර්ථික සංවර්ධනය ශක්තිමත් වෙලා තියෙනවා.  විරැකියාව ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතාමත් අඩු අගයක පවතිනවා. උද්ධමන වේගය අඩු මට්ටමක පවතිනවා. මේ සංවර්ධනයේ ශක්තිය බවට පත්වෙලා තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජාතීන්ගේ එකමුතුවයි. ලංකාවේ සෑම තැනකම බලාපොරොත්තු නොවූ සංවර්ධනයක් සිදුවෙලා තියෙනවා. 2005න් පසු අධිවේගි මාර්ග දෙකක් විවෘත වෙලා තියෙනවා. තවත් අධිවේගි මාර්ග කීපයක් ඉදිවෙමින් පවතිනවා. විදුලි බලාගාර, ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්, අලුත් වරායක්, විදුලි සංදේශ කේෂ්‍ත්‍රයේ විශාල දියුණුවක් සිදුවෙලා තියෙනවා. අලුත් පාසල්, රෝහල් මීට සමගාමීව රටපුරා ඉදිවෙලා තියෙනවා.


    සංවර්ධනය පැත්තකින් තියලා ජන වර්ග අතර සංහිදියාව විශ්වාසය ඇති කිරීම සඳහාත්, ආරක්ෂණය සඳහාත් උගත් පාඩම් කොමිසම මගින් විශාල උත්සාහයක් ගෙන තියෙනවා. ඒ තුළින් අප අතර විශ්වාසය ගොඩනඟා ගැනීමට සමත් වුණා. සංවර්ධනය කරා යන ගමනේ දී සෑම රටක් ම තමන්ට ආවේණික වූ මගක් තෝරා ගන්නවා.  නාගරික හා ග්‍රාමීය සමාජ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම පිණිස ක්‍රමෝපායන් සොයාගත හැකි වන්නේ ඒ තුළිනුයි.

     
    මීට අවුරුදු කීපයකට උඩදී ශ්‍රී ලංකාවට පැමිණි තමුන්නාන්සේලාගේ මේ වර්තමාන ගමනේ දී ශ්‍රී ලංකාව තුළ විශාල වෙනසක් සිදුවී ඇති බව පෙනේවී.

    මෙය භෞතික සංවර්ධනයක් විතරක් නෙවෙයි. අපි රට ගොඩනැඟුයේ අධ්‍යාත්මික සංවර්ධනයත් පෙරටු කොට ගනිමිනුයි.
     

    මෙම අවස්ථාවට මහාචාර්ය එන්.එස්. කුරේ, මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, සමුළුවේ සභාපති ප්‍රභාත් පටබැඳි ඇතුළු දේශීය හා විදේශීය විද්වත්හු විශාල පිරිසක් සහභාගී වූහ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya