මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවිඩ සේවයේ 500වන කෙටි පණිවිඩය යැවීම හෙට

    ජූලි 14, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාශයට අනුබද්ධව, පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණ සේවාවන්හි නියැළෙන මූලික අධ්‍යයන ආයතනය (IFS) මගින් හඳුන්වා දී ඇති ''විදු නැණ හවුල''  කෙටි පණිඩිඩ සේවාවේ 500වන කෙටි පණිවිඩය යැවීම හෙට 15 පෙ.ව 10.30ට  තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාශයට අනුබද්ධව, පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණ සේවාවන්හි නියැළෙන මූලික අධ්‍යයන ආයතනය (IFS) තිරසර සංවර්ධනය උදෙසා ආර්ථීක, පාරිසරික හා සමාජීය අංගෝපාංගයන්ගේ සංකලනයෙන් පමණක් නො ව මහජනතාව තුළ කුතුහලය දනවන මනසක් ඇති කිරීමට පෙළඹවීම සහ විද්‍යාත්මක යෙදවුම් භාවිතය තුළින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ඵලදායීත්වය කාර්යක්ෂමව ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.


    ඒ අනුව මූලික අධ්‍යයන ආයතනය විසින් ''විදු නැණ හවුල'' නමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට විද්‍යා කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කරනු ලැබූ අතර, ජනතාව විද්‍යාව කෙරෙහි නැඹුරු කරවීමටත්, ඔවුන් තුළ විද්‍යාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති කරවීමටත් ඒ තුළින් බලාපොරොත්තු වේ.

    ''විදු නැණ හවුල'' වටා එක්රොක් වූ විදු පිපාසයෙන් පෙළෙන්නන්ට දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවිඩ සේවාව හා සම්බන්ධ වී විද්‍යා කෙටි පණිවිඩ සේවාව පමණක් නොව විද්‍යා විද්‍යුත් තැපැල් සේවාව ඔස්සේද සාඩම්බර අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමි වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya