මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිඟයකින් තොරව සහල් වෙළඳපොළේ

    ජූලි 14, 2014

    හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට මිලට ගැනීම සඳහා සහල් දැන් වෙළෙඳපොළෙහි පවතින බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    පසුගිය කාලයේදී  පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී අස්වැන්නේ අඩුවීමක් සිදු වූ බැවින් රජය මගින් සහල් ආනයනය සඳහා බදු සහන ලබාදීමක් සිදු කෙරිණි. එමෙන් ම සහල් සඳහා පාලන මිලක් නියම කිරීමද රජය මගින් පසුගිය කාලය තුළ සිදු කෙරිණ.

    මෙම තත්ත්වයන් තුළ රජය මගින් ලබා දුන් බදු  සහන හේතුවෙන් පෞද්ගලික අංශය දැනට සහල් මෙට්රික් ටොන් 65,000ක් ආනයනය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ඒ හේතුවෙන් සතොස තුළ මේ වන විට සම්බා කිලෝ එකක් රුපියල් 70ක් වැනි අඩු මිලකට ලබා ගැනීමට හැකි වන බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya