මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකේය එක්සත්කම ගොඩනැගීම ජනාධිපතිතුමාගේත් අමාත්‍යාංශයේත් අරමුණයි - ඇමති වාසුදේව Featured

    ජූලි 14, 2014

    ලාංකීය එක්සත්කම ගොඩනැගීම ජනාධිපතිතුමාගේත් තම අමාත්‍යාංශයේත් අරමුණ බවත් ඒ සඳහා දෙමළ ජනතාව සමඟ එකඟතාවකට එන්න අවශ්‍ය බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  සමාජ ඒකාබද්ධතා සතියේ මහජන සංසදය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ආගම් අතර තිබුණු සමඟිය, ජනවර්ග අතර තිබුණු ඥාතීත්වය හා ජනතාව අතර තිබුණු සංහිඳියාවට ඓතිහාසික ව ලබාදෙන පිළිතුර මේ පොලොන්නරු නගරයයි. මොකක්ද මේ සමාජ ඒකාබද්ධතා මංගල්‍යය කියන්නේ, මේ සමාජයේ තිබෙන විවිධ අයහපත් පරතරයන්, දුරස්ථභාවයන්, සමාජ කණ්ඩායම්වල තනිවීම්, කොන්වීම්, මුළු ගැන්වීම් ආදී මේ අයහපත් තත්ත්වයන් අඩුකිරීමයි. අප කරන්නේ එයයි. ඒ හැම ජන කණ්ඩායමක් ම මූලික සමාජයේ ප්‍රවාහයට එකතු කිරීමයි. අපේ අරමුණ අතීතයේ රාජධානි සමයේ සිට පැවත එන යම් යම් ගති ලක්ෂණ හැඩයන් තියෙනවා. යටත් විඩිත සමයේදී එක් එක් ජන වර්ගයන් අතරමං කළ සමාජ පරතරයන් පියවිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අපි සමාජ ඒකාබද්ධතාව වෙනුවෙන් බොහෝ දේ කරනවා. අපේ ජනාධිපතිතුමාගේත් අරමුණ මේ රට ලාංකීය එක්සත්කමක් වෙත ගෙන යන්නයි. එතනදී මේ රටේ දෙමළ ජනයා සමඟ යම් එකඟතාවකට එන්න අවශ්‍යයි. සමාජ ඒකාබද්ධතාව කියන්නේ මේ දේශපාලන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමයි. ජනවර්ග හා කොටස් අතර පවතින දුරස්ථභාවය අවම කිරීමයි. ඒ සඳහා අප කැප වී කටයුතු කළ යුතු යැයි ඔහු පැවසීය. 

    මේ අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, අමාත්‍යාංශ ලේකම් එම්.එස්. වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. 

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya