මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ - ධීවර සහ නාවික කටයුතු අවධානයෙන්

    ජූලි 13, 2014

    අද (13) පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    මන්නාරම සිට කොළඹ  සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල) සුළං වේගය විටින් විට පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහළ යාහැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.  දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වේ.


    දිවයිනට යාබද මුහුදු ප්‍රදේශවල මෝසම් සුළං වේගය විටින්විට ඉහළ යා හැකිය. මෙම තද සුළං තත්ත්වය හෙට දිනයේ සිට තරමක් අඩු වනු ඇත. නමුත් මෝසම් සුළං තව දුරටත් බලාපොරත්තු විය යුතුය.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 -60 පමණ දක්වා ඉහළ යා හැක. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය විටින් විට පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යා හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya