මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ සුළං වේගය විටින් විට ඉහළට

    ජූලි 13, 2014

    අද (13) දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය පැ. කි. මී. 70-80 දක්වා විටින් විට ඉහළ යාමට ඇති හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව මෙම තද සුළං තත්ත්වය හෙට දිනයේ සිට තරමක් අඩු වනු ඇත. නමුත් මෝසම් සුළං තව දුරටත් බලාපොරොත්තු විය යුතුය.


    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ද නුවරඑළිය, රත්නපුරය සහ මහනුවරට විටින්විට වැසි ද ඇති විය හැක.


    අනුරාධපුරය, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය හා මඩකළපුවට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.

     

    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7°C පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද මි.මී. 23.0ක උපරිම වර්ෂාපතනය​ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya