මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලකඹර සුරැකි විරුවන් සදා සමරමු

    අගෝස්තු 21, 2017

    පුරා හැටහය වසරක්, සුරකිමු ලකඹර, යන්න තේමා පාඨය කරගනිමින් ලක් අඹර සුරැකි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා රණවිරු උපහාර උළෙල ඒකල ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියසදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප‍්‍රධානත්වයෙන්  පසුගියදා පැවැත්විණි.

    ගුවන් හමුදා අභීත රණවිරුවන් සදා අනුස්මරණය කිරිමට ඉදි කරනු ලැබු මෙම රණවිරු ස්මාරක ප‍්‍රදේශය ඉතා අර්ථාන්විත භාවයකින් යුතුව නිර්මාණය කිරීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.
       
    මෙම රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප‍්‍රථමයෙන් හමුවන පිවිසුම් ද්වාරය රුදුරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරනු ලබන අතර එහි ඇතුලත පිළිබිඹු කරනුයේ යුදුධය නිමාවූ පසු ඇතිවු සන්සුන් බවයි.

    එතැන් සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අපහට රුදුරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.

    ඉන් ඉදිරියේ ඇති උස්බිම් දෙක දෙලොවක් සංකේතවත් කරන අතර ඒ අප ජීවත්වන ලෝකය හා මරණින් මතු ලෝකයයි.

    එහි දෙවැනි උස්බිම මිහිදන්වු අප සහෘදයන් සුවසේ සැතපෙන බව සංකේතවත් කරයි.

    මෙම අවස්ථාවට සහභාගී වූ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා විසින් පළමු මල් වඩම රණවිරු ස්මාරකය අභියස තැන්පත් කරන ලද අතර අනතුරුව පිලිවෙලින් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුලූ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් හා අනෙකුත් සියලු නිලයන් නියෝජනය කරමින් සේවා පුද්ගලයින් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාඡික සමාඡිකාවන් ද ඊට සහභාගී වෙමින් මල් වඩම් තැන්පත් කරන ලදී.

    මෙම උත්සවය සදහා හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චීෆ් මාර්ෂල් වෝල්ටර් ප‍්‍රනාන්දු මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්,ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එම්. ජේ. ආර්. පෙරේරා ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාඡික/ සමාඡිකාවන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya