අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 8වැනි රැස්වීම කොළඹ දී Featured

    ජූලි 06, 2017
    සාර්ක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 8වැනි රැස්වීම ජුලි 11දා සිට 13දා දක්වා කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වේ.
     
    මෙහිදී පොදුවේ සාර්ක් කලාපයේ රටවල් මුහුණ දෙන ත්‍රස්තවාදී උවදුරට අමතර ව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිගණක අපරාධ, විෂ ඖෂධ හා කුඩා අවි ජාවාරම් පිළිබඳ ව ස්ථීර විසඳුම් යෝජනා කිරීම ආදී කරුණුවලට ප්‍රමුඛත්වය යොදන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
     
    මෙම අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර සාර්ක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ රැස්වීමක් ජුලි 12දා, ආගමන හා විගමන පාලකවරුන්ගේ රැස්වීම ජුලි 11දා කොළඹ දී පැවැත්වෙන බවද කීය.
     
    මේ හැර සාර්ක් රටවල් අතර සංචාරය කරන ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු තෝරාගත් කණ්ඩායම්වලට වීසා රහිත ව සාර්ක් රටවලට ඇතුළුවීමට අවස්ථාව සලසා දීම පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. එවැනි අය සඳහා ගුවන්තොටුපොළවල වෙනම ගේට්ටුවක් ඇති කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
     
    ජුලි 12දා කොළඹ දී ආරම්භ වන සාර්ක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රැස්වීමට සහභාගිවන බවට රටවල් 07ක් දැනටමත් තහවුරු කොට ඇත. ඉන්දියාවේ මෙම විෂයභාර අමාත්‍යවරයාගේ පැමිණීම මෙතෙක් තහවුරු කොට නැති බවද අමාත්‍යවරයා කීය.
     
    ජුලි 11වැනි දින ආරම්භ වන මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් රැස්වීමට පැමිණෙන සාර්ක් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවීමට නියමිත බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
     
    මෙවර කොළඹ දී පැවැත්වෙන මෙම සාර්ක් අමාත්‍ය රැස්වීමේ සංවිධාන කටයුතු සිදු කරන්නේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසිනි.
     
    මෙම අවස්ථාව සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya