මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක Featured

    ජූලි 07, 2017
    ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට අවස්ථාව ලබාගැනීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ජපානය බලා පිටත් ව ගොස් ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    මෙම සංචාරය අතරතුර ජපාන කම්කරු ඇමතිවරයා ඇතුළු රාජතාන්ත‍්‍රිකයන් කිහිපදෙනෙකු හමුවීම, වෘත්තීය පුහුණු ආයතන කීපයක්ද, කර්මාන්තශාලා කීපයක්ද නැරඹීමට ද නියමිතය. 
     
    ජපාන ශ‍්‍රම වෙළඳපොලේ අවශ්‍යතාවය අනුව අප රටේ තරුණ තරුණියන් හට ලබාදෙන වෘත්තීය පුහුණුව නවීකරණය කිරීම, ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව ඉහල නැංවීම සඳහා ජපාන සහයෝගය ලබාගැනීම වැනි අරමුණු සඳහා මෙම සංචාරය සිදු කිරීමේ අරමුණයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya