අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට ලක් වූ සිසුන්ට සා.පෙළට පෙනී සිටීමට අමතර අවස්ථාවක්

    ජූනි 21, 2017

    පසුගිය දා ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගයට පෙනී සිටීමට අමතර අවස්ථාවක් ලබාදීමට ඇති ඉඩකඩ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට  විභාග කොමසාරිස් වරයාට අදාළ උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති ඉසිපතන විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය අවසානයේ දී මාධ්‍යවේදියකු  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.

     

    මෙම සහනය ලබා දීමේ දී අදාළ සිසුන් නිවැරදිව හඳුනාගත යුතු බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව මෙම සිසුන් සඳහා මෙරට ජාතික විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිය හැකි උපරිම අවස්ථා සංඛ්‍යාව හතරක් දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාව සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණයකට එළඹෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya