මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොසන්සුන් අවස්ථාවේදී බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්නන්ට නොරැවටෙන්න

    ජූනි 20, 2014

    බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම සිද්ධිය සිදුවූ ස්ථානයේ නිරීක්ෂණ චාරකාවක නිරත වූ බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රීවරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.



    එහිදී ජනාධිපතිතුමා විපතට පත් ජනතාවට අවශ්‍ය වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත්, එසේ හෙයින් රට හා රටේ සාමය පිළිබඳව සිතා බලා සාමකාමීව කටයුතු කරන මෙන් අධීක්ෂණ මන්ත්‍රීවරයා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
     

    තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයෙන් අප ජනාධිපති ප්‍රමුඛ විරෝදාර රණ විරුවන් රට බේරා ගත් බවත්, එසේ ලබා ගත් නිදහස හා සාමය නැවත නැති කර ගැනීමට කිසිවෙකු කැමති නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. සැම දෙයටම වඩා රටේ සාමය රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ, මෙම අවස්ථාවේදී ඇතැම් කණ්ඩායම් හා සංවිධාන බොරදියේ මාළු බාන්නට අසාර්ථක උත්සායක යෙදෙන බැවින් එවැනි ක්‍රියාවන්ට නොරැවටී රටේ යහපත උදෙසා දිවයිනපුරා ජීවත් වන මුස්ලිම් ජනයාගේ යහපත උදෙසා ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya