මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙතින් පිළිකා රෝහලට පොත් පරිත්‍යාගයක් Featured

    ජූනි 20, 2014

    ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම; මහරගම පිළිකා රෝහලේ පුස්තකාල සඳහා පොත් ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කළේය. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම කාර්යමණ්ඩලය හා එක්ව මෙම සත් කි‍්‍රයාව සිදුකරන ලදී.


    රෝහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු උත්සවයකදී කාර්යමණ්ඩලය විසින් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරන ලද පොත් 1500ක් පමණ රෝහලට පරිත්‍යාග කළ අතර, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනියගේ  ප‍්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි.


    බස්නාහිර පළාත් සභා මන්ති‍්‍රනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මහරගම පිළිකා රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න සහ කාර්ය මණ්ඩලය මෙන්ම ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින්  පිරිසක්ද ඊට සහභාගි වූහ.

    අසරණ රෝගීන්ගේ ජීවිතවලට යම් සහනයක් හා සැනසිල්ලක් ලබාදීම සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි සකී‍්‍රය දායකත්වය ඉතා අගය කළ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය අනෙකුත් ආයතනද, විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ආයතන තම සාමාන්‍ය වගකීම්වලින් ඔබ්බට ගොස් උදව් අවශ්‍ය පිරිසකගේ ජීවන අවශ්‍යතා සපුරාලීමට හැකි උපරිම දායකත්වය ලබාදීම සඳහා දිරිගැන්වීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව පැවසුවාය.

    මහරගම පිළිකා රෝහල වාට්ටු 21කින් සමන්විත වන අතර,  ඒ සෑම වාට්ටුවකම කුඩා පුස්තකාලය බැගින් පිහිටුවා ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම පරිත්‍යාග කළ පොත් කුඩාදරුවන්, තරුණ හා වැඩිහිටි ආදී විවිධ මට්ටමේ පාඨක පිරිසකට ගැළපෙන අධ්‍යාපනික හා ආධ්‍යාත්මික ග‍්‍රන්ථ, නවකථා, කෙටිකථා මෙන්ම ළමා පොත්වලින්ද සමන්විත වේ.

    "ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි අප සැමට මෙම වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් යම් අර්ථවත් කාර්යයක් කළ යුතු වුණා. බුදුන් වහන්සේ දේශනා කළ ප‍්‍රධාන සද්ගුණයන් වන කළ ගුණ සැලකීම කෙරෙහි අපගේ අවධානය යොමුවුණා. ප‍්‍රතිකාර සඳහා යොමුවී සිටින රෝගිනට මෙම පොත් කියවා ලබාගන්නා දැනුමෙන් ආධ්‍යාත්මික දැනුම වර්ධනය කරගෙන සහනදායී සිතුවිලි ළඟාකර ගෙන තම ජීවිත ආලෝකමත් කරගැනීමට උපකාරී වේවායි ප‍්‍රාර්ථනා කරනවා". මේ පිළිබඳව අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත්ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.



    මහරගම පිළිකා රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ "ඇතැම් රෝගීන් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා දින ගණන් හෝ සති ගණන් බලා සිටීමට සිදුවන බවත්, එවිට ඔවුන් තම පවුල් සමඟ නොසිටීම නිසා මානසිකව හුදෙකලාවන නිසා වාට්ටු තුළ පිහිටුවා තිබෙන පුස්තකාල පරිහරණය කිරීම මගින් ඔවුනට තම මනස ඒකාග‍්‍රතාවකින් තබා ගැනීමට උපකාරි වන බවත්, ඒ සඳහා දායකත්වය දැක්වූ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට ස්තූතිවන්ත වන බවත් ප‍්‍රකාශ කළේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya