මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් තොග සඟවා හිඟයක් මවාපෑමේ කුමන්ත්‍රණයක් හෙළිවේ Featured

    ජූනි 20, 2014

    සහල් හිඟයක් මවා පා ඇතැම් මෝල් හිමියන් සහ කූට ව්‍යාපාරිකයන් සහල් තොග සඟවා සහල්වල මිල වැඩි කිරීමට රහසිගත කුමන්ත්‍රණයක යෙදෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.


    මේ වනවිට පොලොන්නරුව, හිඟුරක්ගොඩ, අනුරාධපුර, අම්පාර ඇතුළු ප්‍රදේශ ගණනාවකින් සහල් වෙළෙඳපොළේ හිඟයක් ඇති බවට දැනගන්නට ලැබී තිබේ. පසුගිය කන්න කිහිපයේ පෞද්ගලික අංශය ගොවීන්ගෙන් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් දහස් ගණනක් අනුව මේ වනවිට කිසිසේත් එම ප්‍රදේශවල සහල් හිඟයක් ඇති විය නොහැකි බව ද ඇමැතිවරයා පවසයි.

    වී අලෙවි මණ්ඩලය සහතික මිලක් ගෙවා ගොවීන්ගෙන් වී මිලදී ගනිද්දී පෞද්ගලික අංශය එම සහතික මිල ද අබිබවා යමින් වී මිලදී ගැනීම් විශාල වශයෙන් සිදුකළේය.දැනට ලැබී ඇති තොරතුරු මත පෞද්ගලික අංශයේ ගබඩා විශාල ප්‍රමාණයක වී තොග තිබෙන බවට ද ඇමැතිවරයාට තොරතුරු ලැබී තිබේ.

    දැනට වෙළෙඳපොළේ සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් හැත්තෑ හතකි. නාඩු සහ කැකුලු සහල්වල මිල ඊට අඩු මට්ටමක පවතී.පෞද්ගලික වෙළෙඳුන් සහල් හිඟය මවා පා මෙම පාලන මිල අබිබවා යමින් වැඩි මිලට සහල් විකිණීමට සැලසුම් කළත් කිසිම අවස්ථාවක එම පාලන මිලට වඩා වැඩි මිලකට සහල් විකුණමින් පාරිභෝගිකයා ගසාකෑමට ඉඩ නොතබන බව පැවසූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සහල් හිඟයක් ඇති වුවහොත් රජයේ වී සංචිතවලින් සතොස හරහා අවශ්‍ය තරම් සහල් සපයන බවත්, ඊටත් වඩා අවශ්‍ය වුවහොත් සහල් ආනයනය කර හෝ පාරිභෝගිකයාට අවශ්‍ය තරම් සහල් සපයන බව ද පැවැසීය.

    ‍මේ වනවිට සතොස, ලක් සතොස, කෝප් සිටි, මිනි කෝප් සිටි ඇතුළු රජයේ වෙළෙඳසල්වලින් අවශ්‍ය තරම් සහල් හිඟයකින් තොරව ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී තිබේ. රට පුරා පිහිටි ලක් සතොස වෙළෙඳ සැල් හාරසීයක පමණ සහල් තොග පුරවා තිබේ. රට තුළ විවිධාකාරයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති කර රජයට මඩ ගැසීමට උත්සාහ කරන කණ්ඩායම් පාරිභෝගිකයාට අවශ්‍ය සහල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් ඇති බවට වරින්වර කුමන්ත්‍රණ සිදුකළත් එම කිසිදු අවස්ථාවක රජය මහජනතාවට පීඩාවක් ඇතිවීමට ඉඩ නොතබා ඔවුන් වෙනුවෙන් සියලු අවශ්‍යතා සැපිරීමට කටයුතු කළ බවත්, ඉදිරියේදී ද රජය මහජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya