අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර ස්වල්පයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මඩකළපුවට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 යාපනය, මඩකළපුව හා ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ. ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සදහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7 පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3 නුවරඑළියෙන් ද උපරිම වර්ෂාපතනය මි.මී. 40.5 නොර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
HC