අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණ සිදු කොට වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එනවා Featured

    ජූනි 19, 2014
    පසුගියදා අලුත්ගම ප්‍රදේශය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඇති වු ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් ඒ හරහා වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පැවසීය.
     
    පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
     
    මේ වන විට එම ප්‍රදේශවල සාමකාමී තත්ත්වයක් ඇති බවත් යුධ හමුදා, විශේෂ කාර්යය බලකා හා පොලිස් ආරක්ෂාව එම ප්‍රදේශ සඳහා ලබාදී ඇතැයි ද පෙන්වාදුන්නේය. 
     
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගිය බවත් මේ හේතුවෙන් ස්වාමීන් වහන්සේ නමක් අපවත්වීමක් සිදු නොවුණු බවත් පෙන්වාදුන් පොලිස්පතිවරයා අලුත්ගම හා වැලිපැන්න ප්‍රදේශවලින් මරණ තුනක් වාර්තා වු බවත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya