අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැකියාවට අවස්ථාව දෙන්න රජය තීරණය කළා Featured

    ජූනි 19, 2014
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ‍ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාව සලසා දුන්නේ හැකියාව ඇති අයට අවස්ථාව ලබාදීමට බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
     
    "මේ සම්බන්ධයෙන් මුලින්ම මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රජයේ ස්ථාවරය පැහැදිලි කළා. ඒ අවස්ථාවේදී අප හුදෙකලා වෙලා කියලා චෝදනා ආවා. නමුත් අපි හුදෙකලා වෙලා නෑ. අපි බිම් මට්ටමින් පරීක්ෂණයක් ඉල්ලා සිටියා. විපක්ෂය ඒ වෙලාවේ කීවේ ආණ්ඩුව ඇනගත්තා කියලා. ඒ නිසා හැකියාව ඇති අයට අවස්ථාව දෙන්න අවශ්‍ය නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා" යැයිද අමාත්‍යවරයා කීය. 
     
    පසුගියදා අලුත්ගම ප්‍රදේශයේ ඇතිවූවා වැනි සිදුවීම් අතීතයේ දී සිදුවාවක් මෙන් ඉදිරියේ දී ද ඇති විය හැකි බවත් විවිධ ආගම්, ජාතීන් සිටින රටක එවැනි සිදුවීම් සිදුවීමේ ඉඩ අවස්ථා වැඩි බවත් පෙන්වාදුන් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ සියලු දේ සියලු දෙනාට බලපාන කරුණු බැවින් ඉදිරියේ දී මෙවැනි සිදුවීම් සිදුනොවීමට වගබලා ගත යුතු බවද පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මේ හරහා අලාභ සිදුවූවන් සඳහා වන්දි ලබාදීමට එකඟත්වය ප්‍රකාශ කොට ඇති බවත් බුද්ධි අංශය මඟින් මෙවැනි සිදුවීම් වළක්වනට ක්‍රියා කරන බවත් එසේ වළක්වා ගත නොහැකි ඒවා කෙරෙහි පමණක් අවධානය යොමුවන බවත් කීය.
     
    ජාත්‍යන්තර මාධ්‍ය අතිශයෝක්තියෙන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya