අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිය හා සාමය රැකීමට පොලිසිය ජනතාවගෙන් සහය ඉල්ලයි Featured

    ජූනි 19, 2014
    නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියට සහය ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලයි.
     
    මුස්ලිම් සංවිධානය යැයි කියා ගන්නා පිරිස් විසින් අත්පත්‍රිකා බෙදාහැර ඇති බවත් එවැනි කිසිදු සංවිධානයක් ලියාපදිංචි වී නොමැති බවත් පෙන්වා දෙන ඒ මහතා කෙටි පණිවුඩ, සමාජ වෙඩ් අඩවි හරහා මෙන්ම කටකතාවලට නොරැවටී කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    පසුගියදා අලුත්ගම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව සිද්ධීන් හරහා වැලිපැන්න, අලුත්ගම හා බේරුවල පොලිස් බල ප්‍රදේශවලින් පැමිණිලි 138ක් ලැබී ඇත. 15දා අද (19) දක්වා කාලය තුළ මෙම සිදුවීම්වලට අදාළව 55දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 35දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවමත් රිමාන්ඩ් භාරයේ පසුවේ. 
     
    මෙම සිදුවීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බවද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya