අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.ප. ඌව පළාත් සභා මන්ත්‍රී රවි ගුණවර්ධන සන්ධානයට

    ජූනි 19, 2014
    එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී රවි ගුණවර්ධන මහතා අද (19) පැවති ඌව පළාත් සභා මාසික රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩු පක්ෂයට එක්විය.
     
    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂය දිනවීමේ අවශ්‍යතාවක් හෝ හැකියාවක් නොමැති බවත් කිසිදා බලයට නොඑන පක්ෂයක තව දුරටත් රැඳීසිටීමෙන් තමාට හෝ තමන්ට ඡන්දය දුන් ජනතාවට පලක් නොවන බැවින් මෙම තීරණය ගත් බවත් එහිදී  ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
     
    තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා තමා සමඟ මෙතෙක් කල් රැඳී සිටි තම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙමින් ඔවුනට ප්‍රති උපකාර කිරීම එක්සත් ජාතික පක්ෂයේ සිට කිසිදා කළ නොහැකි බැවින් ජනාධිපතිවරයාට මෙන්ම ඌව ප්‍රධාන අමාත්‍යවරයාටද ශක්තියක් වී ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් ඌව පළාත් සභාව ජයග්‍රහණය කරවීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත් ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් කිහිප දෙනෙකු ඇතුළු තම ආධාරකරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවේ තමා සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ එක්වන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    ඉන් පසුව හැඬුම්බර මුහුණින් විපක්ෂයේ සිය හිතවතුන්ගෙන් සමුගත් ඒ මහතා ආණ්ඩු පක්ෂයේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන් ගත්තේය.
     
    DB/BH/ Dmu badulla
     
    badulla ravi 1
     
     
    badulla ravi 2
     
    01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya