අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායයේ අභිනව අනුනාහිමි අක්තපත්‍ර ප්‍රදාන පුණ්‍යෝත්සවය

    ජූනි 14, 2014

    මහරගම ශ්‍රී පඥානන්ද මහ පිරිවෙනේ කෘත්‍යධිකාරී, සිරි ප්‍රතිලංකාරාමාධිපති, පුරාවිද්‍යා ඩිප්ලෝමාධාරී, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය වටගෙදර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අනුනායක ධුරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය අද (14) පස්වරු 2.45ට මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.


    අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක පදවිය හෙබ වූ අතිපුජ්‍ය ත්‍රීකුණාමලේ ආනන්ද ස්වාමීන්ද්‍රයන්වහන්සේ තත් නිකායේ මහනායක ධූරයට පත්වීමත් සමඟ නිකායේ අනුනායක ධූරය වෙනුවෙන් ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති වටගෙදර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන්වහන්සේ පත්විය.


    පූජ්‍ය වටගෙදර විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අනුනායක ධුරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානයකිරීමේ පුණ්‍යෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඤාණිස්සරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සභාපති අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රධාන සම්භාවනීය සැදැහැවත් පින්වතුන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya