මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් සාගර දින සැමරුම 16දා

    ජූනි 14, 2014
    ජගත් සාගර දින සැමරුම් උළෙල 16දා පරිසර හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
     "එක්සිත්ව එක්සත්ව රැක ගනිමු මහ සයුර" යන්න මෙවර ජගත් සාගර දිනයේ තේමාව වී ඇත.
     
    සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සංවිධානය කරක සැමරුම් උළෙල සඳහා ප්‍රදේශයේ පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරින්, ආරක්ෂක අංශවල නිලධාරින්, කර්මාන්ත හා හෝටල් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    එක්සක් ජාතීන්ගේ පරිසර සමුළුව 1972 ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවරදීත්, 1992 බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නුවරදීත් පැවැත්වු පරිසර සමුළුවලදි ගන්නා ලද තීරණයන්ට අනුව සෑම වසරකම ජූනි මස 8 වැනිදා සාගර දිනය ලෙස නම්කර ඇති අතර ශ්‍රී ලංකාව මෙවර එම දිනය සමරන්නේ මෙම 16 වැනිදාය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya