අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විශ්‍රාමිකයන් යොදාගැනීමේ වෑයමක්

    මාර්තු 25, 2014
    මැතිවරණයක් ආසන්නයේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට විශ්‍රාමික ප්‍රජාව අතකොළුවක් කර ගැනීමේ සැලැස්මක් බංකොලොත් දේශපාලන පක්ෂ විසින් දියත් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජය විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය කප්පාදු කිරීමට යන බවට පළවන අසත්‍යය ප්‍රකාශ සම්බන්ධව වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්  දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ  සාකච්ඡාවකදීය. මෙ‍ම සාකච්ඡාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්වුණි.
     
    “විශ්‍රාමික පාරිතෝෂිකය කියන්නේ රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් රට වෙනුවෙන් සේවය කළ රාජ්‍ය සේවකයා සතු සුවිශේෂි වරප්‍රසාදයක්. මේ වරප්‍රසාදය පමාවකින් තොරව ලබා දෙන්නට රජය තීරණය කර කටයුතු කරන කොට ඇතැම් කණ්ඩායම්වලට රිදෙනවා, බලාපොරොත්තු  සුන්වෙනවා. මොකද ඔවුන්ට වුවමනා විශ්‍රාමිකයන් අපහසුතාවට පත් වෙලා රජය ගැන කලකිරිලා ඒ තුළින් ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන එක. මේ වේලාවේ උපාධිධාරින්ව පාරට ගන්න බෑ. මොකද උපාධිධාරියාට අපේ රජය නිසි තැන ලබා දීලා රැකියා ගත කරලා තියෙන නිසා. අනෙක් අත‍ට උසස් පෙළ සමතුන් රැසකට කළමනාකරණ සහකාර , ග්‍රාම නිලධාරි පත් වීම් ලබා දීලා තරුණ අසහනය රටින් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මේ කාරණා රජයට විරුද්ධව අවි ලෙස භාවිත කරන්න බෑ. ඒ නිසා දැන් බලනවා විශ්‍රාමිකයන් ටිකවත් පාරට බස්සගන්න පුළුවන්ද කියලා. විශ්‍රාමික පාරිතෝෂිකය අපි පමාවකින් තොරව ලබා දෙන්නට පොරොන්දු වෙලා ඉන්න වෙලාවක විශ්‍රාමික ජනතාව රවට්ටන්න ඔය බංකොලොත් දේශපාලන පක්ෂවලට හැකියාවක් නැතැ”යි ද  අමාත්‍යවරයා පැවසීය.
     
    අද වනවිට විශ්‍රාමිකයින් 535,000ක් පමණ විශ්‍රාම වැටුප් හිමිකම් ලබන බවත් එමෙන්ම පාරිතෝෂිකය ලබාගැනීම සඳහා 15,000ක පමණ  පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවත් අමාත්‍යවරයා පැවසීය.  
     
    වර්තමානයේ දී විශ්‍රාම පාරිතෝෂිකය ඉල්ලා සිටින පිරිස් සඳහා අදාළ මුදල් ගෙවීමට රුපියල් බිලියන 7ක පමණ මුදලක් අවශ්‍ය වන බවත් එපමණ මුදලක් වැය වුවද පාරිතෝෂිකය ඉල්ලුම් කළ සෑම දෙනාටම ගෙවීමට රජය බැඳී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අද මේ සම්බන්ධයෙන් සමාජයේ මතු කරන සියලු තර්ක දේශපාලනික අවශ්‍යතාවන් මත ගෙනෙ‍න තර්ක මිස කිසිදු සත්‍යයක් පදනම් වූ තර්ක නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ රජය ජනතාවාදි රජයක් බවත් එවන් රජයක් ජනතාවට අහිතකර තීරණයක් නොගන්නා බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් පී.බී. අබේකෝන්, අතිරේක‍ ලේකම් ජගත් චන්ද්‍රසිරි, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya