අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ටීටීඊය යළි සන්නද්ධ කිරීමට විදෙස් මෙහෙයුමක්

    මාර්තු 25, 2014
    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරි වී සිටින සාමාජිකයන් යළිත් ස්වේච්ඡාවෙන් සන්නද්ධ කටයුතුවලට යොමු නොවන නිසා විදේශ රටවල සිටින පිරිස් මුදල් යොදවා ඔවුන්ව යළි  සන්නද්ධ කටයුතුවලට යොමුකිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත තුන්මහල් ගොඩනැගිල්ලේ පළමු මහලේ පන්ති කාමර ද්විත්වයක් රුපියල් ලක්ෂ 15ක් වැය කොට ඉදිකර එම පන්ති කාමර සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (24) අතුරුගිරිය, ගුණසේකර විද්‍යාලයේදී පැවැත්විණ.
     
    "විදේශ රටවල සිට කොටි සංවිධානයේ සන්නද්ධ කටයුතු යළි ආරම්භ කිරීමට උත්සාහයක් ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා. එහෙත් මෙහි ඉන්න කොටි සාමාජිකයින් බොහොමයක් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් අවසානයේ මේ අපරාධය කිරීමට මෙච්චර මුදලක් දෙන්නම් කියන කොන්දේසිය මත ඔවුන් යළි මෙවන් අපරාධ කරවන තත්ත්වයකට එකඟ කරගෙන තියෙනවා. ඒ අනුව රජයේ ප්‍රධානීන් උතුරු ප්‍රදේශයට ගිය පසු ඔවුන් නවතින ස්ථාන පිළිබඳව සොයා බැලීම ඇතැමුන් ආරම්භකර තිබෙනවා".
     
    අපේ අධ්‍යාපනයේ තිබෙන තරගකාරී ස්වභාවය දවසින් දවස වැඩිවූවා මිස අඩු නොවූ බව සඳහන් කරන අමාත්‍යවරයා ලෝකයේ විභාග නිර්ණායක අනුව අපේ විභාග තියෙන්නේ ඉතාම ඉහළ තලයක බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
     
    1918 වර්ෂයේදී ආරම්භ කරන ලද අතුරුගිරිය ගුණසේකර විද්‍යාලය 700කට අධික සිසු සිසුවියන් පිරිසකගෙන් හා 24 දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයකින් සමන්විතය.  
     
    ප්‍රාථමික පාසලක් වන මෙම විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි. මෙම නව පන්ති කාමර ද්විත්වය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක් වැය වී ඇත. විදුහල්පතිනී චාන්දනී කාරියවසම් මහත්මිය ප්‍රමුඛ පාසල් සංවර්ධන සමිතියේ ඉල්ලීම පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් හා මෙහෙයවීම මත පංචායුධ පදනම මඟින් මෙම නව පන්ති කාමර ද්විත්වයේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.
     
    මෙම අවස්ථාවට ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අශෝක සේනානි හේවගේ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂික තනූජා රංගොඩගේ, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, පාසලේ විදුහල්පතිනී චාන්දනී කාරියවසම් යන මහත්ම මහත්මීන්, ගුරු මණ්ඩලය, සිසු සිසුවියන්, ආදි සිසුහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya