අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා ඡන්ද විමසීම වෙනුවෙන් පාසල් කිහිපයකට නිවාඩු

    මාර්තු 25, 2014
    ලබන 29 වැනි දින පැවැත්වීමට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම නිසා එම පළාත් දෙකෙහි පිහිටි සියලුම පාසල්වලට ලබන 28 වැනි සිකුරාදා දින නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් පාසල් යොදා ගැනීම,  විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විශාල ප්‍රමාණයක් මැතිවරණ රාජකාරී සඳහා යොදා ගැනීමට සිදු වන බැවින් මෙදින පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් සඳහා ද නිවාඩු ලබාදීමට අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    ඒ අනුව,
     
    කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා කොළඹ 07, රාජකීය විද්‍යාලය, කොළඹ 05, ඉසිපතන විද්‍යාලය හා කොළඹ 07, ඩී.එස්. සේනානායක විද්‍යාලය හෙට (26) පාසල් කාලයෙන් පසුව 28 දක්වා වසා තැබේ.
     
    ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (24) සිට අප්‍රේල් (02) දක්වා වසා තැබෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියනෑ අධ්‍යාපන පීඨය ඊයේ (24) සිට අප්‍රේල් 02 දක්වා වසා තබනු ඇත.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා සුචි ජාතික පාසල හෙට (26) සිට 28දක්වා වසා තැබෙනු ඇත.
     
    බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ කටයුතුවලට සහභාගීවීමට නියමිත වෙනත් දිස්ත්‍රික්කයන් හි කාර්යමණ්ඩලය වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් සඳහා හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය 27 දින සිට 30 දක්වා වසා තැබේ.
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ගාල්ල සවුත්ලන්ඩ්න් බාලිකා විදුහල ඊයේ (24) සිට ලබන 30 දක්වා වසා තැබෙනු ඇත.
     
    ඡන්ද පෙට්ටි නිකුත් කිරීම, භාර ගැනීම හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා ස්ථානවල ගොඩනැගිලි සකස් කිරීම, විදුලිය, ජලය හා දූරකතන පහසුකම් සැලසීම හා ඒවා යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඡන්ද විමසීමේ දිනට පෙර හා පසු දින කිහිපයක් යොදා ගැනීමට සිදු වන බවට ද ඉල්ලීම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මෙසේ පාසල් වසා තැබෙන දින වෙනුවෙන් හිලව් සැසි වාර පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ද අමාත්‍යංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya