අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උක් වගාව පිළිබඳ උනන්දුවක් දක්වන ගොවීන් 20 දෙනෙකුට වැඩිදුර පුහුණුව ඉන්දියාවේදී

    මාර්තු 25, 2014


    සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ලංකා සීනි සමාගම යටතේ පාලනය වන පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලාවලට වැඩිම අස්වැන්නක් ලබා දී ඉහළ ආදායමක් ලැබූ සහ උක් වගාව පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන ගොවීන් 20 දෙනෙක් වැඩිදුර පුහුණුව සඳහා පසුගියදා ඉන්දියාව බලා පිටත් ව ගියහ.



    සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරාගත් ඔවුන්ට දින අටක වැඩ මුළුවක් සහ උක් වගාව පිළිබඳ අධ්‍යයනයක් ඉන්දියාවේ දී ලබා දීම මෙම පුහුණුවේ අරමුණ වේ.
     සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya