අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද වැරැද්දක් කළ දරුවකුට දඬුවමක් කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා

    මාර්තු 24, 2014

    අපේ සම්ප්‍රදාය හා සංස්කෘතිය අනුව දෙමාපියන්, වැඩිහිටියන් හෝ පාසැල් ගුරුවරුන් විසින් දරුවන් යහමඟට යොමු කිරීම සිදු කරන මුත් අද වන විට එලෙස දරුවන්ට වැරැද්දක් පෙන්වා දීමට හෝ දඬුවමක් කිරීමට ගුරුවරුන්ට නොහැකි වී ඇති අතර, එසේ කළහොත් මානව හිමිකම් පිළිබඳ ගැටලු මතුවන බවපරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    ඊයේ (23) උඩහමුල්ල ශ්‍රී ජිනරතනාරාම දහම් පාසලේ සිසු දරු දැරියන්ට පොත්පත් හා ත්‍යාග බෙදා දීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එල්ලුම් ගහ නැවත ස්ථාපිත කරන ලෙස විවිධ අය යෝජනා කළත්, එය නැවත ස්ථාපිත කළහොත් ජිනීවා තුළ කතාබහට ලක්වන මීළඟ කරුණ වන්නේ එයම බවත් අමාත්‍යවරයා පැවසීය.

    සංවර්ධිත රටවල් විසින් ඌන සංවර්ධිත රටවල් සඳහා ආධාර ලබා දෙන අතර, එහිදී එක්සත් ජාතීන් විසින් ආධාර ලබා දීමට ප්‍රථම එම ආධාර භාවිත කරන ආකාරය පිළිබඳ වැඩසටහනක් පසුගිය සතියේ බර්ලින් නුවර පැවැත්විණි. එහිදී හමුවූ මැඩගස්කර් නියෝජනය කළ අමාත්‍යවරයා පැවසූයේ ආධාර ලබා දීමට ප්‍රථම ඔවුන්ගේ 60%ක් වූ දුප්පත්කම ආධාර ලබාදීමෙන් පසු 80%ක් වී ඇති බවයි. එයට හේතුව අතීතයේදී අධිරාජ්‍යවාදී රටවල් සිය යටත් විජිත තුළ තිබූ සියලු සම්පත් සිය රටවලට ගෙන ගියා සේම අද අප්‍රිකානු රටවල තිබෙන තඹ, රන්, රිදී අමුද්‍රව්‍ය ලෙස ගෙන ගොස් ඒවායින් විශාල ආදායමක් උපයාගෙන සුළු මුදලක් පමණක් එම රටවල් සංවර්ධනය කිරීම සඳහා ලබා දීමයි. ලංකාවට විරුද්ධව යෝජනා ගෙනෙන රටවල් මීට පෙර අඩිය තැබූ ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, ඊජිප්තුව වැනි සෑම රටක්ම මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙස පරිහානියට පත් වී සිටින අතර, විවිධ හේතු සාධක ඉදිරිපත් කරමින් එම රටවල් විනාශ කළා සේ ම ඔවුන් අපේ රටට විරුද්ධව ද මානව හිමිකම් යොදා ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඇතුල්කෝට්ටේ සුනේත්‍රාරාමාධිපති අතිපූජ්‍ය අනිකේවෙළ සීලානන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජිනරතනාරාම දහම් පාසලේ විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය දළුක්කැටියේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, විජයරාම රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා මහරගම නගර සභාවේ නගරාධිපතිනිය සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් හා දහම්පාසල් දරුදැරියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya