දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දින අවසානයේ ශ්‍රි ලංකාවට රන් පදක්කම් 4 ක් , රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 3ක්

 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දින අවසානයේ ශ්‍රි ලංකාවට රන් පදක්කම් 4 ක් , රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 3ක්
  • SocialShare:

බහරේනයේ පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු දින අවසානයේදී රන්පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන සිව් වැනි අවස්ථාව මෙයයි. මීට දකුණු ආසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටි. ඊයේ පැවති සමාරම්භ උත්සවයෙන් අනුතුරුව තරග ඉසව් ආරම්භ කෙරුණි.

මීටර 100 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ, කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ විසිනි. ඔහු තත්පර 10 දශම 30 ක කාලයකින් තරගය අවසන් කළේය. මීටර 100 කාන්තා ධාවනය ඉසව්වේ රන් සහ රිදි පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාව සතු වුණි.

රන් පදක්කම හිමිකර ගත්තේ, තත්පර 11 දශම 53 ක කාලයකින් තරගය අවසන් කළ සෆියා යමික්. රිදී පදක්කම අමාශා ද සිල්වාට හිමි විය.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ පසිඳු මල්ෂාන් විසින්. 

සෂිනි උපේක්ෂා තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මීටර 5000 පිරිමි ධාවන ඉසව්වේ රිදි පදක්කම හිමි වුණේ, වික්නරාජ් වෝක්ෂට ය
යග්ගුලිය විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්ම හිමිකර ගත්තේ, ඔවිනි චන්ද්‍රසේකර විසිනි. මීටර 400 හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදි පදක්කම ශ්‍රී ලංකාව හිමි කර ගත්තේය.

එහිදී කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, කල්හාර ඉන්දූප සහ සයුරි මෙන්ඩිස් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.