දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
  • SocialShare:

​ඉන්දියාවේ රාංචි හිදී පැවැත්වුණු 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ.


​කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද උදෑසන ලඟාවිය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
​මෙම ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීමට, උනන්දුවට සහ තරඟ කිරීම වෙනුවෙන් ස්තූතිය පිරිනමමු.