ඌව හොකී තරඟාවලියේ සමශුරතාවය ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම දිනා ගනී

ඌව හොකී තරඟාවලියේ සමශුරතාවය ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම  දිනා ගනී
  • SocialShare:

බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමය පාසල තුල සහ ඌව පළාත තුළ හොකී ක්‍රිඩාව නංවාලීම අරමුණු කරගනිමින් දැවැන්ත විවෘත හොකී තරඟාවලියක් පැවැත්වීමට පසුගියදා කටයුතු කෙරිනි.

සත්සාමාජික කාන්තා සහ පිරිමි විවෘත හොකී තරඟාවලියක් “(Dutha 7's) ලෙස පවත්වනු ලැබූ මෙම හොකී තරඟාවලිය  බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි.

මෙම තරඟාවලියේ පිරිම් අංශයේ අවසන් මහා තරඟය සදහා ගුවන් හමුදා “ඒ” හොකී කණ්ඩායම සහ පොලිස් හොකී කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර, දෙපිල අතර තියුණූ තරගයකින් අනතුරුව සමශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා “ඒ”  හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් විය. අනුශුරතාවය ගුවන්හමුදා - බී කණ්ඩායම දිනා ගන්නා ලදි. 

කාන්තා අංශයේ අවසන් තරඟය සදහා ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

ත්‍රිවිධ හමුදාව ඇතුලු  ක්‍රීඩා සාමාජ නියෝජනය කරමින් හොකී කණ්ඩායම් 26 කට අධික ප්‍රමාණයක් මෙම තරගාවලිය සදහා සහභාගි විය.
බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමයේ සංවිධාන ශක්තියෙන් සිව්වන වතාවටත් පවත්වනු ලැබූ  මෙම හොකි තරගාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස ඩි.ඩබ්ලිව් නලීන්ද මහතා කටයුතු කරනු ලැබූ අතර, කුසලාන ප්‍රදානය සදහා තරඟාවලිය සදහා අනුග්‍රාහකත්වය දක්වන ලද අනුග්‍රාහක මහතුන් ඇතුලු ධර්මදූත ආදිශිෂ්‍ය හොකී සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.