අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා දින පා ගමන ගම්පහදී

    මාර්තු 14, 2019
     
    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය ලද " සුහුරු කතක් සොදුරු ලොවක් " මැයෙන් පැවති වැඩසටහන යටතේ කාන්තාවන්ගේ සහභාගිත්වයෙන්  පා ගමනක් පසුගියදා ගම්පහ නගරය ආවරණය වන පරිදි පැවැත්විණි .
     
    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම යටතේ පැවති මෙම පා ගමනට මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ද සහභාගී විය.
     
    මෙම අවස්ථාවට ග්‍රාම නිලධාරිනියන්, ආර්ථික සංවර්ධන නිලධාරිනියන්, සමෘද්ධි සංවර්ධන නිලධාරිනියන් හා සමෘද්ධි සමිති සාමාජිකාවන්, පෙර පාසල් පාලිකාවන් සහ ආචාර්යවරියන් ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතවරියන් ද එක්ව සිටියහ. 
     
    DMU-Gampaha 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya