අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාවක් ගෙන ඒන්නේ නම් එය සිදු වන්නේ සියළු දෙනාගේම එකගත්වය මතයි- අමාත්‍ය පාඨලී චම්පික රණවක

    මාර්තු 08, 2019

    ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය කළ යුත්තේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු අනුව නොව රටේ අනාගතය වෙනුවෙන් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

    එබැවින් ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒන්නේ නම් එය සිදු වන්නේ සියළු දෙනාගේම එකගත්වය මත බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (7) මහනුවර දන්තුරේ සති පොළ හා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබදවත් එහි අඩුපාඩු පිළිබදවත් විවිධ පුද්ගලයන් මේ වන විට විවේචන ඉදිරිපත් කළත් එම මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම සිදු කළේද පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්තෙන් බව පැවසූ අමාත්‍යවරයා කිසිදු යෝජනාවක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවද පෙන්වා දෙන ලදී.

    මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා රට සංවර්ධනය වී ඉදිරියට යෑමට නම් දූෂණය නැති කළ යුතු බවත්, මහජන නියෝජිතයන් තෝරා පත් කිරීමේදී දූෂකයන් සහ වංචාකාරයන් නොවන පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළු මහජන නියෝජිත ආයතන වෙත පත් කළ යුතු බවද පැවසීය. ඒ සදහා මහජනතාවට වගකීමක් ඇති බව පැවසූ අමාත්‍යවරයා තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී රටට හා ජනතාවට මෙහෙයක් කළ හැකි පිරිසිදු චරිත තෝරා ගැනීමට වගබලා ගතයුතු බවද පැවසීය. ලක්ෂ 500 ක මුදලක් වැය කොට දන්තුරේ ප්‍රදේශයේ ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලට අමතරව, හතරලියද්ද නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ තලාතුඔය බස් නැවතුම සහ බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමද අද දිනයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මහනුවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya