අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියං සමයේ ජල ප්‍රශ්නයට විසඳුමක් දෙමින් ජල බවුසර් දෙකක් මාතලේට

    පෙබරවාරි 23, 2019

    නව ජල බවුසර් දෙකක් මාතලේ දිස්ත්‍රික්කයට ලැබීම නිසා ඉදිරියේදී එන ඕනෑම නියං තත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ  මහින්ද අමරවීර මහතා පවසයි.

    සෑම වර්ෂයකම පාහේ නියං තත්ත්වය හේතුවෙන් ගලේවෙල, දඹුල්ල, විල්ගමුව ආදි ප්‍රදේශ රැසකට බවුසර් මගින් පාණිය ජලය බෙදා හැරීමට සිදුවේ.

    ඉදිරියේදී එවන් නියං තත්වයක් ඇතිවුවහොත් පාණිය ජලය බෙදා හැරිමේ කටයුතු ඉතා විධිමත් අයුරින් සිදුකිරිමට අවශ්‍ය පහසුකම් මෙමගින් සැලසී තිබේ. මේ වන විට විශාල බවුසර් 3ක්ද, ට්‍රැක්ටර් බවුසර් 3ක් මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සතුවන බවද අමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය. චීන ආධාර යටතේ නව ජල බවුසර් දෙක ලැබී තිබේ.

    DMU/matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya