මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය කොමිස්වලට එළවළු මිලදි ගැනීම අරඹයි

    පෙබරවාරි 04, 2019

    ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීමක් ඉටුකරමින් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය කොමිස්වලට එළවළු මිලදි ගැනීම ආරම්භ කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ සහ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහත්වඑරන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි.

    දඹුල්ල, කැප්පෙටිපොල වැනි ආර්ථික මධ්‍යස්ථානවල කොමිස් ක්‍රමයට එළවළු අලෙවි කිරීමට කටයුතු කළඳ නුවරඑළිය විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවිම මත තමන්ට දැඩි අසාදාරණයක් සිදුවන බව
    ගොවි සංවිධාන නියෝජිතයින් දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවේ දිර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් කිරීම සිදුවිය. මෙම කරුණු සැළකිල්ලට ගත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සියළු අංශවල එකගතාවය මත මෙම වැඩසටහාන ක්‍රියාවට නැන්වීමට අවශය පියවර ගැණිනි.

    මෙහිදි ගොවීන් විසින් විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානට ගෙනඑන එළවළු සඳහා ගැනුම් කරුවන් විසින් එම අවස්ථාවේදීම මිලක් නියමකර මිලදි ගැනීම සිදුවන අතර වෙළද සැල් හිමියාට කිලෝ එකක් සඳහා කොමිස් මුදලක් ගෙවිම සිදුවේ. මෙය ගොවියාට නියම මිලක් ලැබිම මෙන්ම වෙළඳ සැල් හිමියාද ආරක්ෂාවන වැඩසටහනක් බව ගොවීහූ පවසති

    DMU/Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya