අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති ජනතා සමිති බලගැන්වීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන දිවුලපිටියේදී

    දෙසැම්බර් 21, 2018
    ග්‍රාමසේවා වසම් 1000ක ජීවනෝපාය හා යටිතල පහසුකම් රුපියල් ලක්ෂ 10,000කින් බලගන්වන ග්‍රාමශක්ති ජනතා සමිති ප්‍රධාන වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය 80බී, වෑකඩ කිරි ආශ්‍රිත නිෂ්පාදන ග්‍රාම ශක්ති ජනතා සමිතියේදී පැවැත්වේ.
     
    මේ අවස්ථාවට දිවුලපිටිය 80බී, වෑකඩ කිරි ආශ්‍රිත නිෂ්පාදන ග්‍රාම ශක්ති ජනතා සමිතියේ සාමාජික සාමාජිකාවන් හා ගම්වාසීන් සහභාගිවීමට නියමිතය.
     
    ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහනට සමගාමීව මුළු දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ග්‍රාමසේවා වසම් මට්ටමින් ව්‍යාපෘති 39ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ගම්පහ දිස්ත්‍රික් සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා එච්.ජී.සී. සුදර්ශනී මහත්මිය පැවසුවාය. 
     
    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ආවරණය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ව්‍යාපෘති 03 බැගින් ආරම්භ කිරීමට නියමිතයි. ග්‍රාමීය සංවර්ධන සැලසුම් මේ වන විට සාදා අවසන් බව පැවසූ  සුදර්ශනී මහත්මිය හෙට දින එහි ප්‍රමුඛතම යෝජනාව මූලිකවම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළාය.
     
    DMU- Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya