අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීර මොණරවිල කැප්පෙටිපොල විරුවා සිහි කරමින් දළදා මාලිගා පරිශ්‍රයේ විශේෂ සැමරුම් වැඩසටහනක්

    නොවැම්බර් 27, 2018

    වීර මොණරවිල කැප්පෙටිපොල විරුවාගේ 200 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ගුණානුස්මරණ වැඩසටහනක් ඊයේ (26) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්විනි.

    අස්ගිරි සහ මල්වතු මහායනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණානුස්මරණ වැඩසටහනේදී දළදා මාලිගාවේ මහමලුවේ පිහිටි කැප්පෙටිපොල විරුවාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමටද කටයුතු යොදා තිබුනි.

    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් විසින් පැමිණ සිටි පිරිස පංච ශීලයේ පිහිටුවා කැප්පෙටිපොල විරුවාවෙනුවෙන් පිං අනුමොදනාවක් සිදු කොට මතක වස්ත්‍ර පූජා කිරීමේ කටයුතු සිදු කරන ලදී.

    මෙම අවස්ථාව සදහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එන්.ජී.ජී.තිස්ස කරුණාරත්න මහතා ඇතුළු ගිහි පැවිදි පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya