මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කරයි

    නොවැම්බර් 07, 2018

    කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට සිදු වූ බව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශයේ සහකාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පවසයි.

    වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාව වන්නේ ඝන මීටර් 822කි. ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 8කි. තව දුරටත් වැසි ඇති වුවහොත් ඉතිරි වාන් දොරටු දෙකද විවෘත කිරීම සිදුවන බව ඒකනායක මහතා වැඩි දුරටත් පවසයි.

     

    ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් පිළිබදව වික්ටෝරියා ජලාශය අවට පදිංචිකරුවන්ට මහනුවර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය හරහා අවශ්‍ය පූර්ව දැනුම්දීම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.
    අයහපත් කාලගුණික තත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් දාහතරක පුද්ගලයන් 74 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

    ඔවුන්ගෙන් පවුල් හතරක පුද්ගලයන් 24 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya