අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ සමථ කරුවන් 25 දෙනෙකු ජනපති උපහාර ලබති

    ඔක්තෝබර් 22, 2018

    1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාරව පිහිටුවන ලද සමථ මූල මණ්ඩලවල වසර 25 ට අධික කාලයක් සමථ කරුවන් වශයෙන් සේවය කරනු ලැබූ මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මන්ඩල 16 හි සමථ කරුවන් 25 දෙනෙකු 2018 - ජාතික සමථ දිනයට සමගාමීව පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවති සමථ දින සැමරුම් උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් උපහාර ලැබූහ.

    මාතර දිස්ත්‍රික්කයෙන් උපහාර ලද සමථ කරුවන් අතර මාලිම්බඩ සමථ මූල මන්ඩලයේ සභාපති පූජ්‍ය සුල්තානාගොඩ ජනානන්ද ස්වාමීන් වහන්සේ, අකුරැස්ස සමථ මූල මන්ඩලයේ සභාපති සී.කෝරළගොඩ මහතා, කඹුරුපිටිය සමථ මූල මන්ඩලයේ සභාපති ඩී.සියාසිංහ මහතා, තිහගොඩ සමථ මූල මන්ඩලයේ සාමාජිකයින් වන පූජ්‍ය අංගුන්න බදුල්ලේ ඥානදස්සි ස්වාමීන් වහන්සේ, සී.ඒ.ලියනගමගේ මහතා, ඩබ්.ඒ.බන්දුවතී මහත්මිය, ඩබ්.ඒ.දයානන්ද මහතා, කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සාමාජික ආර්.ජී.ආරියතිලක මහතා, මාතර කඩවත් සතර සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින් වන පී.ඒ.ධනපාල මහතා, සිරිසේන රාමසිංහ මහතා, වැලිගම සමථ මූල මණ්ඩලයේ සාමාජික එස්.කණ්ඩම්බි මහතා, කොටපොල සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින් වන එස්.ජයවර්ධන මහතා, එස්.රත්නායක මහතා, ජේ.ඒකනායක මහතා, හක්යණ සමථ මූල මණ්ඩලයේ සාමාජික පී.කොඩිතුවක්කු මහතා, දෙවිනුවර සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින් වන එස්.පී.පුංචිහේවා මහත්මිය, පී.විදානගමාච්චි මහතා, කඹුරුපිටිය සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින් වන ටී.එච්.ආරියරත්න මහතා, පී.වෙදගේ මහතා, පස්ගොඩ සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින් වන ජී.වෙත්තසිංහ මහත්මිය, කේ.ඒ.පියදාස මහතා, එම්.කේ.සිරිසේන මහතා, එච්.එල්.අශෝකා මහත්මිය, වැලිපිටිය සමථ මූල මණ්ඩලයේ සාමාජික ජී.ගුණතිලක මහතා, මුලටියන සමථ මූල මණ්ඩලයේ සාමාජික ඒ.දයාරත්න මහතා සිටිති.

     

    එහිදි සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අඛණ්ඩව වසර 25 ක් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සාමාජිකයින් 360 දෙනෙකු ඇගයීමට ලක්විය. සමථ මණ්ඩල ක‍්‍රමය ආරම්භයේ සිට වසර 28 ක් පුරා තම නිසඟ කුසළතා කැප කරමින් ස්වේච්ඡාවෙන් හා මහත් කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියලු සමථ මූල මණ්ඩල සාමාජිකයන් හට ගෞරවය පුද කිරීම සඳහා සෑම වර්ෂයකම ජාතික සමථ දිනය සමරති.

     

    2018 - ජාතික සමථ දින සැමරුම් උත්සවය සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ  තළතා අතුකෝරාළ, විජයපාල හෙට්ටිආරච්චි, නීතිපති ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පියුමන්ති පීරිස්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් රාජිනි අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    DMu/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya