ඔක්තෝබර් 23, 2021
tami eng youtube  twitter facebook

    යාපනය ශික්ෂණ රෝහලේ දී විවෘත හෘද සැත්කමක් සාර්ථකව

    දෙසැම්බර් 21, 2017
     
    යාපනය ශික්ෂණ රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් විවෘත හෘද සැක්කමක් ඊයේ (20) දින සාර්ථකව සිදු කර ඇත.
     
    වවුනියාවේ පදිංචි 27 හැවිරිදි S.Rajasekaran මහතාට මෙම හෘද සැත්කම සිදු කර ඇත. හෘද රෝග විශේෂඥ වෛද්‍ය M.SMugunthan සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය S.Premskrishna යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම සැත්කමට සහභාගි වී සිටියහ.
     
    මෙම රෝගියා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. සත්‍යමුර්ති මහතා පවසයි. 
     
    මෙම සැත්කම සිදු කිරීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් දැනුම් දෙන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා හෘද සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන්ට සුභ පැතුම් එක් කරන ලදි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya