අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය - 2018 ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා භාරදීම

    දෙසැම්බර් 11, 2017
    ඉදිරි පළාත් පාලන මැතිවරණය - 2018 ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පළමු අදියර යටතේ පළාත් පාලන ආයතන 03ක් වෙනුවෙන්  අද (11) ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වෙත ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා පත්‍ර භාරදීම සිදු කෙරිණි.
     
    ඒ අනුව වත්තල ප්‍රාදේශීය සභාව සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකුත් වත්තල - මාබෝල නගර සභාව සඳහා අපේක්ෂකයන් 19 දෙනෙකුගේත් නාමයෝජනා පත්‍ර වත්තල ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ජානක සූරියබණ්ඩාර මහතා විසින් ද ජාඇල නගර සභාව සඳහා අපේක්ෂකයන් 19 දෙනෙකුගේ නාමයෝජනා පත්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති, ජාඇල ආසන සංවිධායක ෆිලික්ස් පෙරේරා මහතා විසින් ද භාර දෙනු ලැබීය.
     
    නාමයෝජනා පත්‍ර භාරදීමේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණාඩාරනායක කුමාරණතුංග මහත්මිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ සිටියාය.
     
    dmu - gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya