අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වීරත්වයෙන් - සහෝදරත්වයට" මාතර සුහද ක්‍රිකට් තරගාවලියක්

    නොවැම්බර් 24, 2017

    යුදගිණි නිවාලමින් සාමය උදා කිරීමට තම ශරීරාංග පූජා කළ රණවිරුවන්ගේ හා රණවිරු බිරින්දෑවරුන්ගේ මෙන්ම සියලුම රණවිරු ප්‍රජාවගේ චිත්ත ශක්තිය වර්ධනය කරමින් මාතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු පවුල්වල සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සුහඳ ක්‍රිකට් තරගාවලියක් පසුගියදා පැවැත්විණි.


    ‘වීරත්වයෙන් - සහෝදරත්වයට‘ මැයෙන් පැවැත්වූ රණවිරු සංසද අතර සුහද ක්‍රිකට් තරඟාවලිය රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    අතුරලිය රණවිරු සංසදයේ ක්‍රිකට් කණ්ඩායම මෙහි ශූරතාව දිනාගත් අතර අනුශූරතාව දිනා ගන්නා ලද්දේ කොටපොල රණවිරු සංසදයේ ක්‍රිකට් කණ්ඩායමයි. තරඟාවලියේ හොඳම ක්‍රිකට් කණ්ඩායම ලෙස දික්වැල්ල රණවිරු සංසදයේ ක්‍රිකට් කණ්ඩායම සම්මාන දිනාගත්හ. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කොටපොල රණවිරු සංසදයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රදීප් කුමාර රණවිරුවා දිනාගත් අතර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය අතුරලිය රණවිරු සංසදයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අනූෂා කුමාරි රණවිරු බිරිඳයි.

    ජයග්‍රහණය කළ ජයග්‍රහණය නොකළ සියලු දෙනාට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනමන ලද බව රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කේ.ජී. හර්ෂණී නෙළුම් කුමාරි මෙනෙවිය පැවසුවා ය.

    අතුරලිය රණවිරු සංසදය, අකුරැස්ස රණවිරු සංසදය, පස්ගොඩ රණවිරු සංසදය, මාතර රණවිරු සංසදය, වැලිගම රණවිරු සංසදය, වැලිපිටිය රණවිරු සංසදය, පිටබැද්දර රණවිරු සංසදය, දික්වැල්ල රණවිරු සංසදය, හක්මණ රණවිරු සංසදය, කොටපොල රණවිරු සංසදය හා කඹුරුපිටිය රණවිරු සංසදය මෙම සුහද ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වී සිටියහ.

    මේ අවස්ථාව සඳහා රණවිරුවන් , රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශයේ 350 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

    රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය  තරඟාවලිය සංවිධානය කරන ලදි.

    මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya