අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට කෝටි දෙකහමාරක් වෙන් කරයි

    නොවැම්බර් 20, 2017

    දිරියට උදානය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් බල ගැන්වීම සඳහා රුපියල් කෝටි දෙකහමාරක මුදලක් ලබා දී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය මගින් මෙම මුදල වෙන් කොට ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 830 ක් වෙනුවෙන් අදාළ මුදල් ලබා දීමට නියමිතය.

    මහා පරිමාණ ව්‍යවසායකයන් නොවන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණීන් රජය මගින් දියත් කොට ඇති මෙම වැඩසටහන තුළින් එක් ව්‍යවසායකයෙකුට ලක්ෂ විස්ස බැගින් වූ උපරිමයකට යටත්ව මුදලක් වෙන් කොට තිබේ. එම මුදලින් ඔවුන්ගේ ව්‍යාපාර සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර, කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඉල්ලුම් කර ඇති ව්‍යවසායකයන් පිළිබඳ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණයකින් අනතුරුව මෙම ප්‍රතිලාභීන් තෝරා ගෙන තිබේ.

    කුඩා පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරමින් ඔවුන්ගේ දායකත්වය ජාතික නිෂ්පාදනයට ලබා ගැනීමේ අරමුණීන් දියත් කරන මෙම වැඩසටහන ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දියත් කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya