අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරට නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 49ක්

    නොවැම්බර් 17, 2017

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු අදියර ක්‍රියාත්මක කරමින් මාතර දිස්ත්‍රික්කයට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 49 දෙනෙකු පත්කර ඇත.

    ඔවුන් වැඩ බාර ගැනීම ඊයේ පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ දී සිදු විය.

     

    බඳවාගත් නිලධාරීන් සඳහා ලබන 20 සිට දෙසැම්බර් 12 දක්වා පදලංගල ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරේ දී නායකත්ව පුහුණුවක් ලබාදෙන අතර අනතුරුව මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල සමෘද්ධි බැංකුවලට ප්‍රමුඛතාව ලැබෙන පරිදි ක්ෂේත්‍ර කටයුතු සඳහා අදාළ වසම් වලට යෙදවීමට කටයුතු කෙරේ.

     

    මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී පුරප්පාඩු 196 ක් පවතින බවත් ඉදිරි අදියර වලදී එම පුරප්පාඩු පිරවීමට රජය කටයුතු කරන බවත් මාතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සිරිල් කේ. ලියනගේ මහතා පැවසීය.

     

    මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya