අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පොඩිත්තන්ට 5 එස් සම්මාන ප්‍රදානය හෙට

    නොවැම්බර් 16, 2017

    ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන පොඩිත්තන්ට 5 එස් වැඩසටහනේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඇගයීම් තරඟාවලියේ මහනුවර දිස්ත්‍රික් සම්මාන ප්‍රදාන හෙට (17) පෙ.ව. 9.30 ට උඩරට කලා සංගම් ශාලාවේ දී පැවැත්වේ.

    "හෙට ලොව ජයගන්නා දීප්තිමත් පරපුරක් උදෙසා" යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කොට තිබේ.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ ඵලදායීතා සංකල්ප ක්‍රියාත්මක කරන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අතර 2016/2017 වසරවල පවත්වන ලද තරඟාවලියෙන් ජයග්‍රහණය කළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 75 සඳහා මෙම  සම්මාන සහතික ප්‍රදානය සිදු කෙරේ.

     

    මුල් ළමා මධ්‍යස්ථානවල ගුරුභවතුන් සහ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී. රණේපුර ,ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුරංග ගුණරත්න යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි විමට නියමිතය.

     

    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් රටේ ඵලදායිතාවය ඉහළ නැංවිම සඳහා විශාල කාර්ය භාර්යක් සිදු කරයි .තම සේවාදායකයින්ට කාර්යක්ෂම සේවයක් ලබාදීමට  රාජ්‍ය සහ පෞද්ගලික අංශ යොමු කිරිම ඔවුන්ගේ කාර්යයි. මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ඵලදායිතා සංකල්පය හඳුන්වා දෙන්නේ මෙම මධ්‍යස්ථානවල ගුණාත්මක භාවය වැඩි කිරීමේ අරමුණින්ය.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya